Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය රුසියාවේ දී ප්‍රවර්ධනය කෙරේ

"29 වන OTDYKH - International Russian Travel Market" ප්‍රදර්ශනය මේ දිනවල රුසියාවේ මොස්කව් අගනුවර දී පැවැත්වේ.

මීට රටවල් විශාල ප්‍රමාණයක් නියෝජනය කරමින් නියෝජිතයන් මෙන්ම මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් ගණනින් පිරිස් සහභාගීවෙමින් සිටිති.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක් ද ඊට සහභාගී වූහ.
මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ සංචාරක ආකර්ෂණය ද ලොවට පෙන්වන අතර මේ හරහා තව තවත් විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සංචාරක අමාත්‍යාංශයේ අරමුණයි.