Tuesday, October 22, 2024
Follow Us
බ්‍රිතාන්‍ය නව මහකොමසාරිස්වරයා හා විදේශ කටයුතු ඇමැති අතර හමුවක්

මෙරටට අලුතින් පත් වූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර හමුවක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිදුවිය.


මෙම හමුවේදී අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළ අතර ශ්‍රී ලංකා රජයේ ප්‍රයත්නයන් සඳහා එක්සත් රාජධානියේ රජයේ සහයෝගයට තවදුරටත් ලබාදෙන ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත. එමෙන්ම දෙරට අතර වෙළෙඳ, සංචාරක සහ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී ඔවුන්ගේ අවදානය යොමුවී ඇත.