Tuesday, October 22, 2024
Follow Us
10 වන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව

පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල තරුණ ප්‍රතිපත්ති ආමන්ත්‍රණය කරමින් සෑම වසර හතරකට වරක් පවත්වනු ලබන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුවේ, 10 වැනි සමුළුව (The 10 th commonwealth youth ministers meeting 10CYMM) සැප්තැම්බර් 11 සිට 15 දක්වා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර Marlborough House හි දී පැවැත්වේ.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහභාගී වී සිටී.

මෙවර සමුළුව පකිස්ථාන රජයේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන අතර, තරුණ සංවර්ධනය ඉදිරි දර්ශනයකින්, පුළුල් සමාජ සහ තිරසාර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම අරමුණයි.

10 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව පොදුරාජ්‍ය මණ්ඩලය පුරා සිටින තරුණ අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, තරුණ නියෝජිතයන්, තරුණ සේවකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

මෙහි දී, කතානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල්, (ගැටුමකදී ලිංගික හිංසනය වැලැක්වීම පිළිබඳ) අගමැතිගේ විශේෂ නියෝජිත ගරු විම්බල්ඩන්හි සාමිවරයා (තාරික්) අහමඩ් මහතා, (මැද පෙරදිග, උතුරු අප්‍රිකාව දකුණු ආසියාව සහ එක්සත් ජාතීන් පිළිබඳ) රාජ්‍ය අමාත්‍ය විම්බල්ඩන්හි සාමිවරයා (තාරික්) අහමඩ් මහතා, බෲනායි දරුස්සලාම්හි සංස්කෘතික, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ඩේටෝ නස්මි මොහමඩ්, 6 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය  මහ ලේකම් පැට්‍රීෂියා ස්කොඩ්ලන්ඩ් යන රාජතාන්ත්‍රික නියෝජිත මහත්ම මහත්මීන් සමඟ ශ්‍රී ලංකා - පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර මිත්‍රත්වය පිළිබඳව ද, පවතින සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම, ශ්‍රී ලාංකේය හා කලාපීය තාරුණ්‍යයේ ආර්ථික, සාමාජයීය සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කර ගනිමින් සමීප සබඳතාවයක් පවත්වා ගැනීම මෙන්ම වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික කරුණු පිළිබඳව සුහද පිළිසඳරක නිරතවීමට අමාත්‍යවරයාට අවස්ථාව උදා වී තිබේ.