Tuesday, October 22, 2024
Follow Us
මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,000කටත් වැඩි වෙයි

මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 1000කට අධික පිරිසක් මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය වසර 120 කින් පසු උතුරු අප්‍රිකා කලාපයෙන් වාර්තා වූ ප්‍රබලම භූ කම්පනය බවට ද මෙය වාර්තා වෙයි.

මෙහිදී වැඩි හානියක් සිදුව ඇත්තේ එරට සිව්වන විශාලතම නගරය මෙන්ම යුනෙස්කෝ ලෝක උරුම අතරට අයත් ඉහළ සංචාරක ආකර්ශනයක් දිනා ඇති මරකේෂ් නගරයටය.

බහුතර මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ළඟාවීමට අපහසු කඳුකර දුෂ්කර පෙදෙස්වලින් බව සඳහන්ය.

ඒ අනුව, මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

භූ කම්පනයෙන් එරට වසර 850 ක් පැරණි මුස්ලිම් දේවස්ථානයකට ද හානි සිදුව ඇති අතර එය කඩා වැටීමේ අවධානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.