Tuesday, October 22, 2024
Follow Us
කොළඹ රුසියානු මධ්‍යස්ථානයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පරිත්‍යාග කෙරේ

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලිය කුලිෂෙන්කෝ (Natalia Kulishenko) මහත්මිය විසින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පුස්තකාලය වෙත රුසියානු ග්‍රන්ථ එකතුවක් පරිත්‍යාග කරන ලදි. ඇය විසින් මෙරටදී පරිහරණය කරන ලද කෘති ගණනාවක්ද මෙම එකතුවට ඇතුළත් විය.

මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිර්මාතෘ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලිය කුලිෂෙන්කෝ (Natalia Kulishenko) මහත්මියගේ පැමිණීම සහ පරිත්‍යාගය සිහිපත් කිරිම උදෙසා විද්‍යාල පරිශ්‍රයේදී නා පැළ දෙකක් රෝපණය කිරීම ද සිදුවිය.
කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ රුසියානු භාෂා උපදේශිකා Tatiana panditha මහත්මිය, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති සරත් බන්දු කුමාර මහතා, විද්‍යාලයේ ගුරු මණ්ඩලය සහ සිසු සිසුවියන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.