Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ ලැයිස්තුවට

ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළත් වී තිබේ.

නිව්යෝර්ක් මූලික කරගත් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” (Global Finance) විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුවය.

අදාළ ලැයිස්තුව A+, A, සහ A- යන ඛාණ්ඩ යටතේ වර්ග කර ඇත.

උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” 1994 වසරේ සිට වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරයි.

මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ‘ඒ’ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස් මහතාටය.

Global Finance bank