Tuesday, October 22, 2024
Follow Us
‘මග් ෂොට්‘ එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ට්‍රම්ප්

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇට්ලන්ටාහි ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේ දී ලබා ගත් ‘මග් ෂොට්‘ නමින් හැදින්වෙන ඡායාරූපයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2020 වසරේ මැතිවරණ ප්‍රතිඵලයන් වෙනස් කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුලු තවත් 18 දෙනෙකුට වෝදනා එල්ල වී තිබුණි. ඒ අනුව පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාර වූ අතර අනතුරුව ට්‍රම්ප් ඩොලර් ලක්ෂ 2 ක ඇප බැදුම්කරයක් මත නිදහස් කර තිබුණි.

එහිදී ගත් ට්‍රම්ප්ගේ උඩුකය ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කෙරුණි. මෙම ඡායාරූපයෙන් දැක්වෙනුයේ අපරාධ චෝදනාවට ලක් වූ අයෙක් අත්අඩංගුවට ගත් බවයි. මෙය ‘මග් ෂොට්‘ ලෙස හැදින්වේ.

බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව පැය කිහිපයකට පසු ට්‍රම්ප් ගේ මැතිවරණ ප්‍රචාරක වෙබ් අඩවියේ මෙම ‘මග් ෂොට්‘ ඡායාරූපය සම්බන්ධයෙන් විශේෂ අලෙවි භාණ්ඩ කිහිපයක් ප්‍රචාරය කර තිබුණි.

ඒ අනුව ට්‍රම්ප්ගේ ‘මග් ෂොට්‘ සන්නාමය සහිත මග්, ටී ෂර්ට් සහ බීම කූලර් අලෙවි කිරීම ආරම්භ කර ඇති අතර මේවාට ඉහළ ඉල්ලුමක් ලැබී ඇති බවත් වාර්තා වේ.

Dinamina