Tuesday, October 22, 2024
Follow Us
නියඟයේ බලපෑම පැනමා ඇළටත්

නියඟයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති “පැනමා ඇළ” මාර්ගයේ ගමනා ගමනය සීමා කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ, වසරක කාලයක් සඳහා ය.

ඉදිරි මාස 3 තුළ දී වර්ෂාපතනයක් වාර්තා නොවුණහොත්, මෙය ක්‍රියාත්මක කරනු ඇත.

පැනමා ඇළ යනු පැනමාවේ “ඉස්මස්” ඇළ හරහා කිලෝ මීටර 82 ක් කෘත්‍රිමව ඉදිකරන ලද ජල මාර්ගයකි. එය, අත්ලාත්තික් සාගරය සහ පැසිෆික් සාගරය යා කෙරේ. නියඟය හේතුවෙන් ” පැනමා ඇළ” මේ වන විට ජල හිඟයකට මුහුණ පා සිටින බව එහි පාලකයින් පවසයි.

එම නිසා, ඇළ මාර්ගයට ප්‍රවේශ වීම සඳහා නාවික යාත්‍රා අතර තදබදයක් සිදුව ඇති බව ද, ඔවුන් ‍පෙන්වා දෙයි.

ඉදිරි මාස 3 තුළ දී අධික වර්ෂා පතනයක් නොලැබුණහොත් නාවික යාත්‍රා පැනමා ඇළ මාර්ගයට ප්‍රවේශ වීම වසරකට සීමා කරන බව ඔවුන් පවසයි.

-Dinamina