Tuesday, October 22, 2024
Follow Us
උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කථානායකවරයා හමුවෙයි

උගන්ඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එලිජා ඔකුපා (Elijah Okupa) සහ ගරු අබ්දු කටුන්ටු (Abdu Katuntu) යන මහත්වරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී හමු වූහ.

2024 ජනවාරි මස උගන්ඩාවේ පැවැත්වීමට නියමිත 27 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මූලාසන නිලධාරීන්ගේ සමුළුවට (CSPOC) සහභාගි වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගරු කථානායකවරයාට මෙහි දී ආරාධනා කළහ.

එමෙන්ම දෙපාර්ශවය මෙහි දී උගන්ඩා - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳ සුහද සාකච්ඡාවක ද නිරත විය.