Tuesday, October 22, 2024
Follow Us
ජපාන NPO UNSDGs මානව සම්පත් සංවර්ධන ආයතනයේ සිසුන් කථානායක හමුවෙයි

ජපාන NPO UNSDGs මානව සම්පත් සංවර්ධන ආයතනයේ සිසුන් පිරිසක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (18) හමු විය.

මෙහිදී පැමිණි සිසුන් අමතමින් කථානායකවරයා සඳහන් කළේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීනව විවිධ අංශ ඔස්සේ සමීප සම්බන්ධතාවයන් පවතින බවත් විශේෂයෙන්ම බෞද්ධ, සංස්කෘතික සහ අධ්‍යාපනික අංශ ඔස්සේ වැඩි වශයෙන් ශක්තිමත් සහයෝගීතාවක් පවතින බවත්ය. එසේම වර්තමානයේ මෙරට ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවක ජපානය දක්වන මිත්‍රත්වය අගය කරන බවත් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

පසුව ගරු කථානායකවරයාගෙන් ප්‍රශ්න විමසීමටද මෙම සිසුන්ට අවස්ථාව හිමිවූ අතර ඉන් අනතුරුව මෙම සිසුන් පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද මෙම අවස්ථාව සඳහා සහභාගී වූවාය.