Tuesday, October 22, 2024
Follow Us
සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පළමු ගෝලීය හමුව ඉන්දියාවේදී

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පළමු ගෝලීය හමුව ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ගාන්ධිනගර්හීදී පසුගිය 17 සහ 18 යන දෙදින පැවැත්වූ අතර ඒ සදහා ශ්‍රී ලංකාව නියේජනය කරමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සහ ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වූහ.

ලොව පුරා රටවල පවතින සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම තුළින් ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය නංවාලීම උදෙසා එම සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ප්‍රචාරණය, රටවල් අතර අන්තර් සම්බන්ධතා ගොඩනැගීම තුළින් දේශීය වෛද්‍ය ක්‍රම හා බැදුණු දැනුම හුවමාරු කර ගැනීම මෙන්ම නවීන ලෝකය හා බැදූණු පර්යේෂණ වාර්තා එළි දැක්විම ද මෙම ගෝලිය සමුළුවේදී සිදු කෙරිණි.

මෙම සමුළුව තුළදී ශ්‍රීලාංකීය සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රමයේ විශේෂ වු ප්‍රතිකාර සහ ප්‍රතිකාර රටාවන් පිළිබද විශේෂ අවදානයක් යොමුව ඇති අතර එහිදී දේශිය වෛද්‍ය ක්‍රමය නගා සිටුවීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක්ව තිබේ.