Tuesday, October 22, 2024
Follow Us
විදුලිබල ඇමැති සහ ජයිකා නියෝජිතයින් අතර සාකච්ඡාවක්  

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජයිකා) මූල්‍ය  සංවර්ධන සහ සහයෝගීතා සබඳතා කටයුතු පිළිබඳ උප සභාපති ආචාර්ය මෙගුමි මුටෝ සහ මෙරට ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමාඩා ප්‍රමුඛ නිලධාරීන් සමඟ  සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණි.

විදුලිබල ක්ෂේත්‍රයේ  ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු, පුනර්ජනනීය බලශක්ති වැඩසටහන්, හරිත ප්‍රතිසාධනය සහ කාලගුණික වෙනස්වීම් යන කරුණු මෙහිදී සාකච්ඡාවට ලක්විය. මෙරට විදුලිබල ක්ෂෙත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අමාත්‍යංශය තුළ ස්ථාපිත ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශය පවත්වාගෙන යාමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මුල්‍ය ප්‍රදානයක් සිදුකර ඇති අතර විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය උපදේශනයන් ද ලබාදීම සිදුකරයි. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මෙරටට ලබාදෙන මූල්‍ය ප්‍රදානයන් සහ අනෙකුත් සහය පලකිරීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළේය.