Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලංකා රජය විසින් සිදුකරනු ලබන වැඩකටයුතු පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කරයි

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් මෙරට සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා පැවැත්වීය. එහි දී විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය විසින් සිදුකරනු ලබන වැඩකටයුතු පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කර තිබේ. 

1. මෙරට අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, සොයාගැනීමේ මෑතකාලීන ධනාත්මක වර්ධනයන් ඇතුළු අතුරුදහන් වූවන් සම්බන්ධ ගැටලු විසඳීමේ ප්‍රගතිය පිළිබඳව.

2. විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා යෝජිත කාර්යාලය (OOSLA) පිහිටුවීමේ ප්‍රගතිය

3. යෝජිත සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය පිළිබඳ සැලසුම් කිරීම සහ වැඩ නිම කිරීම.

4. ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) විසින් ප්‍රගතිය සහ යාවත්කාලීන කිරීම්

5. කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රගතිය.

දූත මණ්ඩල ප්‍රධානීන් අර්බුදයන් වළක්වා ගැනීම සඳහා පසුගිය වසර තුළ ලබා ඇති ආකර්ෂණීය ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළ අතර ඉදිරි ගමන පිළිබඳව ද ධනාත්මක අදහස් පළවී තිබුණි.