Tuesday, October 22, 2024
Follow Us
අගමැති චීනයේ කුන්මිං වෙත පැමිණෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (15) උදෑසන චීනයේ කුන්මින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

චීන ජනතා දේශපාලන උපදේශක සමුළු (CPPCC) යුනාන් පළාත් කමිටුවේ උප සභාපති, (Zhao Jin)සාඔ ජින් , රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානියා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ D' කටයුතු භාර K. K. Yoganadan සහ දූත මණ්ඩලයේ අනෙකුත් නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යවරයා ගුවන්තොටුපළේදී පිළිගනු ලැබීය.

චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සහ 27 වැනි චයිනා කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍යවරයා සහභාගි වීමට නියමිතය. ප්‍රදර්ශනය අගෝස්තු 16 සිට 20 දක්වා චීනයේ කුන්මිං හිදී පැවැත්වේ.

රටවල් 60 ක් සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට දකුණු හා අග්නිදිග ආසියානු රටවල් සහ (RCEP) කලාපීය පුළුල් ආර්ථික සහයෝගීතා සාමාජික රටවල් ඇතුළත් වේ.

හත්වැනි චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනය, චීනය සහ දකුණු ආසියාතික රටවල් අතර පැවැත්වෙන වැදගත්ම ආර්ථික හා වෙළෙඳ හුවමාරු සිදුවීම් ලෙස සැලකේ.

මෙහිදී දකුණු ආසියාව සමඟ ආර්ථික හා වෙළඳ සහයෝගීතාව සහ සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර කලාපීය සහයෝගීතාව, සම්පත්, කාර්මික උද්‍යානය, වරාය, ජෛව ඖෂධ සහ සෞඛ්‍ය, සංස්කෘතික, සංචාරක ව්‍යාපාරය, නවීන කෘෂිකර්මය, ඩිජිටල් ආර්ථිකය සහ උසස් නිෂ්පාදන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙයි.

වර්ග මීටර් 150,000 ක ප්‍රදර්ශන භූමියක් ආවරණය වන පරිදි ප්‍රදර්ශනය අන්තර්ජාලය ඔස්සේ ද ප්‍රදර්ශනය කෙරේ.

චීනය, දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් අතර පුළුල් උපදේශන, ඒකාබද්ධ දායකත්වය සහ හවුල් ප්‍රතිලාභ සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂ අවධානය යොමු වේ.

මෙම සංචාරය අතරතුර ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව සහ වෙළඳ සම්බන්ධතා පිළිබඳව අග්‍රාමාත්‍යවරයා හා චීන නායකයන් අතර සාකච්ඡා පැවැත්විමට නියමිත අතර, යුනාන් කෘෂිකාර්මික විද්‍යා ඇකඩමිය, යුනාන් පළාත් බලශක්ති ආයෝජන සමූහ ව්‍යාපාර‍ය, සිනොහයිඩ්‍රෝ කාර්යාංශය සහ කුන්මින්හි යුනාන් පළාත් බලශක්ති ආයෝජන සමූහ ව්‍යාපාර‍යේ ෆොටෝවොල්ටෙයික් බලාගාරය, යුනාන් රාජ්‍ය ගොවිපල සමූහයේ ගුන්ෂෙන් ගම්මානය සහ පර්යේෂණාත්මක කුඹුරු යාය, එර්හාය් පාරිසරික කොරිඩෝව, ඩාලිහි ක්සියාගුආන් සම්පීඩිත තේ ප්‍රදර්ශනය සහ අත්දැකීම් මධ්‍යස්ථානය නැරඹීමට ද අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, ජානක වක්කුඹුර සහ කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිති