Tuesday, October 22, 2024
Follow Us
අගමැති චීනයේ නිල සංචාරයක් සඳහා පිටත් යයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා ඊයේ( 14) සවස කොළඹින් පිටත් විය.


චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සහ 27 වැනි චයිනා කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍යවරයා සහභාගි වීමට නියමිතය.
ප්‍රදර්ශනය අගෝස්තු 16 සිට 20 දක්වා චීනයේ කුන්මිංහිදී පැවැත්වේ.
එක්ස්පෝ සංවිධායකයින් පවසන පරිදි මෙම අති විශාල වෙළඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60 ක් සහභාගී වන අතර සියලුම දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් සහ (RECP) කලාපීය පුළුල් ආර්ථික සහයෝගීතා සාමාජික රටවල් ඊට ඇතුළත් වේ. ‘පොදු සංවර්ධනය සඳහා සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය’ යන තේමාව යටතේ මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.