Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලාංකික විද්‍යාඥයන් දෙදෙනකුට ලොව ඉහළම ශ්‍රේණි 2ක්

චීනයේ ඉහළම ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 11 වැනි සහ 15 වැනි ස්ථාන හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයන් දෙදෙනකු සමත්ව තිබේ.

මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා 11 වැනි ස්ථානයත් මහාචාර්ය මලික් පිරිස් මහතා 15 වැනි ස්ථානයත් මේ අනුව හිමි කර ගෙන ඇත.

“Research.com” විසින් සිදුකර තිබෙන සමීක්ෂණයකට අනුව ලොව විද්‍යාඥයන් 43,737 දෙනකු අතරින් මහාචාර්යවරු දෙදෙනා මේ ස්ථානවලට පත්ව තිබේ.

මෙම මහාචාර්යවරුන් දෙදෙනාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරුන් වන අතර ඔවුන්ගේ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක සායනික කටයුතු සඳහා ලොව ප්‍රසිද්ධ වූ අතර වෛද්‍ය පර්යේෂණ සඳහා ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධි පිරිනමා ඇත.

මහාචාර්ය සමරනායක මහතා හොංකොං විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයාද වන අතර ඔහුගේ නායකත්වය යටතේ QSලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2015 වසරේ දී එය ලොව අංක එකේ දන්ත වෛද්‍ය විද්‍යාලය බවට පත්විය. මෙම විද්‍යාඥයන්ගේ සායනික ක්ෂුද්‍ර ජීවී විද්‍යාත්මක කටයුතු ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත.

-Dinamina