Tuesday, October 22, 2024
Follow Us
තිරසර වැවිලි කළමනාකරණය පිළිබඳව ජාත්‍යන්තර සමුළුවක්

ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ( NIPM) විසින් සංවිධානය කළ තිරසර වැවිලි කළමනාකරණය පිළිබඳව ජාත්‍යන්තර සමුළුව ( International Symposium on Sustainble Plantation Management - 2023 ) කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාළඹේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව ඇතුළු වැවිලි ආර්ථිකය තුළින් ප්‍රතිලාභ ලබාගන්නා රටවල් රැසක නියෝජිතයන් මෙම සමුළුව සඳහා සිය දායකත්වය ලබාදී තිබූ අතර මෙරට වැවිලි ක්ෂේත්‍රයේ සම්බන්ධ පර්යේෂකයන් විසින් සිදුකරනු ලැබූ වැවිලි කළමනාකරණය පිළිබඳ තිරසර පර්යේෂණ පත්‍රි 23ක් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවේදී ආරාධිත දේශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත අෂූශා කුබෝටා මහත්මිය සිදුකළ අතර , වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් , ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නිලධාරින් , පර්යේෂකයන් ඇතුළු දෙස් විදෙස් වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.