Tuesday, October 22, 2024
Follow Us
“ශ්‍රී ලංකාවේ ආයෝජනය” සමුළුව ඉන්දියාවේ මුම්බායි හි දී

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා හවුල්කරුවන් සමඟ එක්ව සංවිධාන කළ “ශ්‍රී ලංකාවේ ආයෝජනය” සමුළුව ඉන්දියාවේ මුම්බායි හි දී පැවැත්විණ.
ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.


ශ්‍රී ලංකාවේ අනාගතයේ ප්‍රධාන උපායමාර්ග වන්නේ, ශක්තිමත් තිරසාර සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් සහ ඉහළ තරඟකාරී ආර්ථිකයක් මත ගමන් කිරීම බවත්, ශ්‍රි ලංකාව වේගවත් ආර්ථික ස්ථාවරතවයක් හා තිරසර වර්ධනයක් කරා ගමන් කිරීමට අවශ්‍ය සියලු ප්‍රතිසංස්කරණ සිදු කර යහපත් පරිසරයක් නිර්මාණය කර ඇති බැවින්, ආයෝජන අවස්ථා හා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුම කාලය මෙය බවයි මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.