Tuesday, October 22, 2024
Follow Us
ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණයට වසර 3 ක සිරදඬුවම්

ඉන්දියාවේ ස්වෛරීභාවය සහ ඒකාග්‍රතාවය හෝ ආරක්‍ෂාව අනතුරේ හෙලන අසත්‍ය හෝ නොමග යවන තොරතුරු නිර්මාණය හෝ ප්‍රකාශකිරීම වසර තුනක සිරදඬුවම් හෝ දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කළ යුතු වරදක් බවට යෝජනා කර තිබෙනවා.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ භාරතීය න්‍යාය සංහිතා පනත් කෙටුම්පතේ 195 වැනි වගන්තිය යටතේ යි.

එහි ‘මහජන සන්සුන්භාවයට එරෙහි වැරදි’ යටතේ ‘චෝදනා, ජාතික ඒකාග්‍රතාවයට අගතියක් වන ප්‍රකාශ’ යන මාතෘකාව යටතේ අසත්‍ය තොරතුරු පිළිබඳ සඳහන්.

එමෙන්ම, ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 153B වගන්තිය යටතේ ‘චෝදනා, ජාතික ඒකාග්‍රතාවයට අගතියක් වන ප්‍රකාශ’ සම්බන්ධ විධිවිධාන ඇතුළත්.

1860 වසරේ එම ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය,  2023 වසරේ භාරතීය න්‍යාය සංහිතා පනත් කෙටුම්පත මඟින් ප්‍රතිස්ථාපනය කරනු ඇති.