Tuesday, October 22, 2024
Follow Us
අමාත්‍ය මනුෂ නානායක්කාර සහ පෝලන්තයේ පොදු ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති අතර හමුවක්

පෝලන්තයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පෝලන්තයේ පොදු ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක්  පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර සමීප ආර්ථික සහ රැකියා සබඳතා වර්ධනය කර ගතහැකි ජයග්‍රාහී වාතාවරණයක් අපේක්ෂා කරමින් මෙම ගවේෂණාත්මක මුලපිරීම පිළිබඳව දෙපාර්ශවයම සුභවාදී අදහස් පළකර සිටියහ.

මෙම සාකච්ඡාව පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රම බලකායට ප්‍රතිලාභ ලබාදීම සඳහා පෝලන්තයේ ශ්‍රම බලකායේ අවශ්‍යතා, විශේෂයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවශ්‍යතා අවබෝධ කර ගැනීමට සහ ඒවාට ප්‍රවේශවීමට ගත් ඇමැති නානායක්කාර මහතාගේ පුළුල් මුලපිරීමේ උත්සාහයකි.

ඇමැතිවරයා සමඟ ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනයේ නියෝජිතයන් වන සභාපති සුරාජ් දන්දෙණිය මහතා සහ සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා, ඇමැතිවරයාගේ උපදේශක සහ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතා සහ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් භාග්‍ය කාරියවසම් මහතා ද එක්ව සිටියහ.