Tuesday, October 22, 2024
Follow Us
“ශ්‍රි ලංකාවේ ආයෝජනය” සංසදය ඉන්දියාවේ චෙන්නායි හි දී

ජන ප්‍රවර්ධනය කිරීම සඳහා හවුල්කරුවන් සමඟ එක්ව කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) විසින් සංවිධානය කරන “ශ්‍රි ලංකාවේ ආයෝජනය” සංසදය ඉන්දියාවේ චෙන්නායි හිදි පැවැත්විණි.

ආර්ථිකයේ මූලික ව්‍යුහාත්මක දුර්වලතා නිවැරදි කිරීමට ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වීම සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

 සාර්ව ආර්ථික අස්ථාවරත්වයට ප්‍රධාන හේතු වු කාරණා නැවත සිදුනොවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කර අවසන් බවත් මුල්‍ය පාලනයේ දී අවශ්‍ය ස්වාධීනත්වය, විනිවිදභාවය සහ යහපාලනය ස්ථාපනය කිරීමට අවශ්‍ය නීතින් ලෙස පාර්ලිමේන්තු අයවැය කාර්යාලය, දූෂණ විරෝධී නීතිය, නව මහා බැංකු පනත වැනි නව ප්‍රධාන නීති දැනටමත් හඳුන්වා දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වියදම් කළමනාකරණය හා ආදායම් වැඩි කිරීම මගින් 2023 වරෂයේ පළමු කාර්තුවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථන ඉලක්කය අභිබවා ප්‍රාථමික අතිරික්තයක් ඇති කිරීමට සමත් වී ඇති බවත්, මෙය 2021 දී දළ දේශීය නිෂ්පාදිතයේ 5.7% ක ප්‍රාථමික හිඟයකින් කැපී පෙනෙන දියුණුවක් වන අතර 2025 සිට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක ප්‍රාථමික අතිරික්තයක් ලබා ගැනිමට අවශ්‍ය වැඩසටහන ක්‍රියාත්මක තරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ශ්‍රි ලංකාවේ ආර්ථිකය තිරසර වර්ධනයක් වෙත් ගමන් කිරීමට තවත් දුරක් යා යුතු වුවත්, අද ශ්‍රී ලංකාව ස්වෛරී ණය තිරසරභව අතිකරගැනීමට අවශ්‍ය සියලු කටයුතු ධනාත්මකව දිදු කරමින් පවතින බව ද ඔහු මෙම සමුළුවේ දී පෙන්වා දුන්නේය.
ශ්‍රි ලංකාව නිවැරදි මාවතට ප්‍රවිශ්ඨ වී ඇති අතර ඒ අනුව ආයෝජනයට මෙය හොඳම කාලය බවත් මධ්‍ය කාලීන සිට දිගු කාලීනව තිරසාර වර්ධනයක් සඳහා මූලික වන වෙළඳපොළක පළමුව වාසිය ලබා ගැනීමට ආයෝජකයින්ට ආරාධනා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.