Tuesday, October 22, 2024
Follow Us
"39th Seoul International Travel Fair" වෙනුවෙන් ශ්‍රී ලංකාවට ආරාධනයක්

එළඹෙන 2024 වර්ෂයේ කොරියාවේ දී පැවැත්වීමට නියමිත "39th Seoul International Travel Fair" හි ආරම්භක සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා ආරාධනා කිරීමට "Korea World Travel Fair (KOFTA) හි සභාපති "ශින් ජූන් මොක්" මහතා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමු වී තිබේ.

Seoul International Travel Fair යනු කොරියාවේ විශාලතම සංචාරක ප්‍රදර්ශනයයි.
මේ සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් එක් එක් රටවල සංචාරක ගමනාන්ත හා සංස්කෘතිකාංග ඉදිරිපත් කරමින් ලෝක සංචාරකයන් තම රටවල් තුළට ගෙන්වා ගැනීම සිදු කරයි.
දේශීය හා විදේශීය කීර්තිමත් සංචාරක සංවිධාන විසින් සෘජුවම අනුග්‍රහය දක්වන කොරියාවේ එකම ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනය මෙය වන අතර දේශීය හා විදේශීය සංචාරක කර්මාන්ත අතර හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන පැවැත්වේ.