Tuesday, October 22, 2024
Follow Us
ව්‍යාපෘති ආරම්භ කිරීමට ප්‍රමුඛ පෙලේ ඉන්දියානු ආයෝජකයින් කණ්ඩායමකගේ අවධානය

ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන්සේවා කේෂත්‍රෙය් ව්‍යාපෘති කීපයක් ආරම්භ කිරීම සඳහා ප්‍රමුඛ පෙලේ ඉන්දියානු ආයෝජකයින් කණ්ඩායමකගේ අවධානය යොමු වී ඇති අතර ඒ පිලිබඳව සාකච්චා කිරීමට 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (07) අමාත්‍යවරයා හමුවී ය.

මෙම සාකච්චාවේදී ඉන්දියානු ආයෝජකයින් කරුණු දක්වමින් කියා සිටියේ : කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමල යන වරායන්හි ඉදිරි සංවර්ධන කටයුතු සඳහා තම කණ්ඩායම ආයෝජනය කිරීමට කැමති බවයි.

මෙහි දී අදහස් දක්වා ඇති අමාත්‍යවරයා පවසා ඇත්තේ,  කන්කසන්තුරේ සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවාවන් සහ සුඛෝපභෝගී මගී නෞකා සේවාවන් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බැවින් ඒ සඳහා කන්කසන්තුරේ වරායේ යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කටයුතු කර ඇති බවැන්, ඉන්දියානු රජයේ අවසරය මත මෙම ප්‍රවාහන සේවා ආරාම්භ කිරීමට කැමති ආයෝජකයින්ට අවස්ථාවන් ලබා දීමට හැකි බවද පවසා තිබෙනවා.

මෙහිදී ආයෝජකයින් කරුණු දක්වමින් කියා සිටියේ මේ පිලිබඳව ඉන්දියානු රජයේ අවසරය ඇතිව මෙම මගී ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට කැමති බවත්, ඒ පිලිබඳව දීර්ඝ වශයෙන් අදාළ පාර්ශය කරුවන් සමඟ සාකච්චා සිදු කරන බවයි.

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කේෂත්‍රයේ පවතින ආයෝජන අවස්ථාවන් පිලිබඳව අමාත්‍යවරයා කියා සිටියේ මත්තල ගුවන් තොටුපල පරිශ්‍රයේ භූමි ප්‍රමාණය තුල ගුවන් සේවාවන්ට අදාල විවිධ ආයෝජන අවස්ථාවන් තිබෙන බවත්, ඒ සඳහා ඉදිරියේදී තම අමාත්‍යංශය විසින් අභිලාෂයන් කැඳවීමට කටයතු කරන බැවින් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසයි.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය කාර්යාලයේ පැවති මෙම සාකච්චාවට ඉන්දියානු ආයෝජක කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායම් ප්‍රධානී ආචාර්ය අරවින්ද් ගුප්තා, අශෝක් කේ කාන්ත් ලෙස්ටිනල් ජෙනරල් ආර් කේ සවුනි යන මහත්වරුන් ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් නියෝජිතයින් පිරිසක්ද අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී.එස් රුවන්චන්ද්‍ර සහ වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් යන මහත්වරුන්ද සහභාගි විය.