Tuesday, October 22, 2024
Follow Us
වැරදි විධාන‌යකින් වොයේජර් 2 සබඳතා බිදවැටිලා

නාසා ආයතනය ලබා දුන් වැරදි විධානයන් කිහිපයක් හේතුවෙන් වොයේජර් 2 අභ්‍යවකාශ යානය පෘතුවිය සමග තිබූ සම්බන්ධය තාවකාලිකව බිඳ වැටී ඇත.

වොයේජර් 2 අභ්‍යවකාශ යානය පෘතුවියට කිලෝ මීටර් බිලියන 19.9 දුරින් ස්ථානගත වී තිබේ.මිනිසා ඈත විශ්වය වෙත දෙවැනි ස්ථානයට වැඩිම දුරක් යවා ඇති වස්තුව වොයේජර් 2 අභ්‍යවකාශ යානය වේ.

එම ලබා දුන් වැරදි විධානයන් හේතුවෙන් වොයේජර් 2 අභ්‍යවකාශ යානයේ ඇන්ටනාව අංශක දෙකකකින් පෘතුවියෙන් ඉවතට හැරීයාම නිසා වොයේජර් 2 යානය සහ පෘතුවිය අතර තිබූ සබඳතාවය තාවකාලිකව බිඳ වැටි තිබේ.කිලෝ මීටර බිලියන 19.9 ක දුරක සිට පෘථිවියට සංඥාවක් පැමිණීමට පැය 18කට වඩා කාලයක් ගතවන බවද නාසා ආයතනය පෙන්වා දී ඇත.