Tuesday, October 22, 2024
Follow Us
ෆෙතුල්ලා ත්‍රස්තවාදීන් මර්දනයට ශ්‍රී ලංකා බුද්ධි අංශ සහය

දිවයිනේ ෆෙතුල්ලා ගුලේන් කණ්ඩායම් විසින් මෙහෙයවන ලද ෆෙතුල්ලා ත්‍රස්තවාදී සංවිධානය මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජය විශේෂයෙන් බුද්ධි අංශ ආරක්‍ෂක අංශ දැක්වූ දායකත්වය තුර්කි ආරක්‍ෂක අමාත්‍ය යාසර් ගුලර් මහතාගේ ඉහළ ඇගයීමට ලක් වී තිබේ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය තුර්කි සංචාරයේදී තුර්කි ආරක්‍ෂක අමාත්‍ය යාසර් ගුලර් මහතා හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුල ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැති බවත් ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දෙන ඕනෑම ආකාරයක ක්‍රියා සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් සහ අමාත්‍ය ගුලර් අතර බහුවිධ වේදිකා තුළ ද්විපාර්ශ්වික සහය තවදුරටත් වැඩිදියුණු කිරීම සහ දෙරට අතර පවතින සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ඵලදායී සාකච්ඡා පවත්වන ලදි.
ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනයට සමගාමීව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් තුර්කි අමාත්‍යවරයා හමු වී තිබිණි.