Wednesday, October 23, 2024
Follow Us
බිම්ස්ටෙක් මහලේකම් ලංකාවට

ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරන බිම්ස්ටෙක් සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ පළමු රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අතර හමුවක් පැවැත්විණි.

විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන සඳහා ප්‍රමුඛ රට ලෙස ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳව එහි දී සාකච්ඡා කර තිබෙනවා. තවද කලාපයේ රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය බලධාරීන් අතර සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

මෑතකදී බැංකොක් හි පැවති විදේශ අමාත්‍යවරුන්ගේ හමුවෙිදී එකඟ වූ ඵලදායී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සහ සහයෝගීතාව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මහලේකම්වරයාගේ අවධානයට යොමු කිරීම ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවකි.