Wednesday, October 23, 2024
Follow Us
 චීන - ශ්‍රී ලංකා සබඳතා තරවෙයි 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය යුවාන් ජියාජුන් මහතා සමඟ පසුගියදා අරලියගහ මන්දිරයේ දී පැවති දිළිඳුකම පිටුදැකීම සහ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ චීන-ශ්‍රී ලංකා වටමේස රැස්වීමේ සම සභාපති වශයෙන්, විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සහභාගි වී ඇත.

මෙම සංසදයේ ආරම්භක දේශනය විදේශ කටයුතු අමාත්‍යවරයා සිදුකර ඇත.  දිළිඳුකම පිටුදැකීම සඳහා Chongqing සහ ආචාර්ය Jiajun දරන උත්සාහය අමාත්‍යවරයා අගයකර ඇත.  එකට වැඩ කිරීමෙන් සහ උපාය මාර්ග සහ ආකෘතීන් ඉගෙන ගැනීමෙන්, ශ්‍රී ලංකාව තුළ සාර්ථකත්වය අත්කර ගැනීමට ශ්‍රී ලාංකික පරම්පරාවක් පොළඹවා ගත හැකි බව අමාත්‍යවරයා එහි දී ප්‍රකාශකර තිබෙනවා.  එම අවස්ථාවේ දී ආචාර්ය ජියාජුන් සහ ඔහුගේ දූත පිරිසට ඔහුගේ වටිනා විශේෂඥතාව සහ සහයෝගය ලබා දීම ගැන විදේශ කටයුතු අමාත්‍යවරයා ස්තුතිය ප්‍රකාශ කර ඇත. චීනය සහ ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තර වීමට මේ අවස්ථාව හේතුවනු ඇත.