Wednesday, October 23, 2024
Follow Us
ජපාන විදේශ ඇමති ලංකාවට

ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂී ලබන සතියේ මෙරට සංචාරයක නිරතවීමට නියමිතය.ලබන 28 සිකුරාදා සහ සෙනසුරාදා දිනවල එම සංචාරය සිදුකෙරෙන අතර විදේශ අමාත්‍යවරයා ඇතුළු 24 දෙනෙකුගෙන් යුත් නිලධාරී කණ්ඩායමක් සංචාරයට එක්වනු ඇති බව වාර්තා වේ.

2019 වසරෙන් පසු ජපානයේ අමාත්‍යවරයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ.

ජපාන රජයේ සම සභාපතීත්තයෙන් ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම යොෂිමාසා හයාෂීගේ එම සංචාරයේ අරමුණය.

 ඊට අමතරව ශ්‍රී ලංකා ජපාන ද්වීපාර්ශවික සහයෝගීතාව සම්බන්ධයෙන් ජපාන විදේශ අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

-Aruna