Wednesday, October 23, 2024
Follow Us
කාම්බෝජයේ මහ මැතිවරණය අද

කාම්බෝජයේ මහ මැතිවරණය අද (23) පැවැත්වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වර්තමාන අග්‍රාමාත්‍ය (හ)න් සෙන් ප්‍රමුඛ ජනතා පක්ෂය එරට පාර්ලිමේන්තුවේ ආසන 125 ම දිනා ගනිමින් මැතිවරණයේ ජය තහවුරු කරගනු ඇති බවයි. 

ඒ, ඔවුන්ට අභියෝගයක් විය හැකි ප්‍රභල විපක්ෂයකට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙනි.

එරට විපක්ෂය මැතිවරණය සඳහා ලියාපදිංචි වීමේදී ඉදිරිපත් කළ ලේඛනවල තිබූ දෝෂයක් හේතුවෙන් පසුගිය මැයි මාසයේදී ඔවුන්ට මැතිවරණයට තරග කිරීම තහනම් කෙරිණි.

මීට වසර 5කට පෙර පැවති මැතිවරණයේදී ද කාම්බෝජ අධිකරණය විසින් විපක්ෂයට පැනවූ තහනමක් හේතුවෙන්, (හ)න් සෙන් ප්‍රමුඛ ජනතා පක්ෂය එරට පාර්ලිමේන්තුවේ ආසන 125 ම දිනාගත්තේ ය.

ඒ අනුව 1990 දශකයේ සිට පැවති සියලු මැතිවරණවල ජය තහවුරු කර ගැනීමට ජනතා පක්ෂයට හැකි වී ඇත.

මෙවර මැතිවරණය සඳහා තවත් පක්ෂ 17ක් තරග වැදුන ද, ඉන් පාලක පක්ෂයට බලපෑමක් ඇති නොවන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

70 හැවිරිදි අග්‍රාමාත්‍ය හන් සෙන්, වසර 38ක කාලයක් එරට පාලකයා වශයෙන් කටයුතු කර තිබේ.

-Aruna