Wednesday, October 23, 2024
Follow Us
තුර්කි තානාපතිනිය වැඩබලන ආරක්‍ෂක ඇමති හමුවෙයි


ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති R. Demet Sekercioglu මැතිණිය සහ වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර හමුවක් ඊයේ (21) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
තානාපතිවරියව ‍උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තෙන්නකෝන් මහතා ඇය සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.
අමාත්‍යවරයා සහ Sekercioglu මහත්මිය අතර පැවති මෙම හමුවේ දී ද්විපාර්ශ්විකව වැදගත්කම, අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් අමාත්‍යවරයා විසින් තුර්කි තානාපතිනිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා ද සහභාගී විය.