Wednesday, October 23, 2024
Follow Us
ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපතිවරයා සහ ක්‍රීඩා ඇමැති අතර විශේෂ සාකච්ඡාවක්

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමාර් ක්‍රෙම්ලෙව් මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ.

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය කිසිඳු භේදයකින් තොරව මධ්‍යස්ථව සෑම දෙනා සමඟම වැඩ කටයුතු කරන බවත්,දූෂණ හා වංචාවෙන් තොර ආයතන ව්‍යුහයක් පවත්වාගෙන යාමට උපරිම කැපවන බවත් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමාර් මහතා පැවසීය.
ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ බොක්සිං පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිළිබඳ මෙහි දී දීර්ඝව සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාවේ දී,
* මෙරට බොක්සිං ක්‍රීඩාව පවත්වාගෙන යන පාසල් 100 කට හා අලුතින් හඳුනාගත් පාසල් 30 කට බොක්සිං ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම,
* ක්‍රීඩා තරඟාවලි තුළින් ලැබෙන ආදායම් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා වැය කළ යුතු අතර එය නිලධාරීන්ගේ පැවැත්ම සදහා යොදා නොගත යුතු බව,
* මෙවර ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නැංවීම සදහා ඩොලර් 50,000 ක මුදලක් වෙන් කරන බවත්, ඉදිරි වසරේ සිට එය ඩොලර් 100,000 දක්වා වැඩි කිරීමට කටයුතු කර බව අවධාරණය කෙරිණ.
ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය විසින් ලාංකික බොක්සිං ක්‍රීඩකයන් සඳහා බොක්සිං අත්වැසුම් බෙදා දීම ද සිදු කරන ලදී.