Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රී ලංකා - මාලදිවයින් සංස්කෘතික ප්‍රවර්ධනයට සාකච්ඡා

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ මාලදිවයින රාජ්‍යයේ කලා, සංස්කෘතික හා උරුමයන් පිළිබඳ අමාත්‍ය Yumna Maumoon මහත්මිය ඇතුළු ධූත පිරිසක් සමඟ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

දෙරට අතර මින් පෙර අත්සන් කරන ලද සංස්කෘතික සහයෝගීතාව ප්‍රවර්ධනය කර ගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ශ්‍රී ලංකාව සහ මලදිවයින තුළ ඇති කෞතුකාගාර, පුරාවිද්‍යා, ලේඛණාරක්ෂක යන කේෂේත්‍රයන්හි විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමටත්, මාලදිවයිනෙහි සිටින ශ්‍රී ලාංකික ජනතාවට දිවෙහි භාෂාව (Dhivehi) ඉගෙනීමට අවස්ථාව ලබා දීම පිළිබඳව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.