Wednesday, October 23, 2024
Follow Us
නවසීලන්ත  ශ්‍රී ලංකා සබඳතාවයේ නව අදියරක්

නවසීලන්තයේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයක් ශ්‍රී ලංකාවේදී ස්ථාපනය කිරීම තුළින් ප්‍රායෝගික සහ අර්ථාන්විත ආකාරයේ සහයෝගිතාව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම  පිළිගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) කොළඹ දී ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයේදීය.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

 මටාරිකී( Matariki) හෝ මාඕරි ( Maori) නවසීලන්ත අලුත් අවුරුද්ද සැමරෙන අද දිනයේදීම  මෙම කටයුත්ත සිදුකිරීම සුභදායකයි. මූලික වශයෙන් ආර්ථිකවෙළඳ සහ ආයෝජන හවුල්කාරිත්වය ඉදිරියට ගෙනයාම මත පදනම්ව දෙරට අතර සියලු ක්ෂේත්‍රයන් හරහා ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමට මෙම නව පියවර උපකාරී වනු ඇති. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ආසියාවේ සහ ශාන්තිකර කලාපයේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වන අතර 1931 සිට දෙරටටම එකම අවස්ථාවේ සර්වජන  ඡන්ද බලය හිමිවූණා.

1951 දී මහරගම දන්ත වෛද්‍ය විද්‍යාලය සහ 1956 දී ජාතික කිරි මණ්ඩලය පිහිටුවීමට සහාය වීම පිළිබඳව නවසීලන්තයට ස්තුතිය පුද කරනවා. දැන් මුඛ සෞඛ්‍ය ආයතනය ලෙස හැඳින්වෙන මහරගම දන්ත වෛද්‍ය විද්‍යාලය දන්ත  සෞඛ්‍ය සේවිකාවන් දහස් ගණනක්   පුහුණු කර තිබෙනවා. දැනටමත් පාසල් 443ක දන්ත සෞඛ්‍ය සේවාවන් පවත්වා ගෙන යනවා. එම ආයතනය  ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සඳහා නවීන ශිල්පීය ඥානය ඇතුළු පහසුකම් සැලසීම පිළිබඳව කොළඹ ක්‍රමය යටතේ සොයා බලන ලෙස නවසීලන්තයෙන්  මෙම අවස්ථාවේ ඉල්ලා සිටිනවා.

මෙහිදී අදහස් දැක් වූ මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් -

නේවාසික දූත  මෙහෙයුම ආරම්භ කිරීම දෙරට අතර සමීප සබඳතා ඉහල මට්ටමකට ගෙන යෑම සඳහා අවස්ථාවක් සලසනවා.  අපගේ මටාරිකී (Matariki) නිවාඩු දිනය එක්සත්කමඅලුත් කිරීමසැමරීමබලාපොරොත්තුව සහ නව ආරම්භය නියෝජනය කරනවා. එය නවසීලන්ත වැසියන්ට මඳ  විරාමයක් ගැනීමටආවර්ජනය කිරීමට සහ අනාගතය දෙස සුබවාදීව බැලීමට අවස්ථාවක් සපයනවා. මටාරිකී  "Matariki ’’ගේ ආත්මය අනුව,  ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ශ්‍රී ලංකා - නවසීලන්ත සබඳතාඑකමුතුකමබලාපොරොත්තු ප්‍රවර්ධනය තුළින්  නව ආරම්භයක් ඇති කිරීමට ප්‍රාර්ථනා කරනවා.  නවසීලන්තය දිගුකාලීන මිත්‍රයෙකු ලෙස ශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය අවස්ථාවලදී උදව්කර තිබෙනවා.

පසුගිය වසරේ ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේ දීමන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ ගොවීන් ඉලක්ක කර ගනිමින් අපි මානුෂීය ආධාර ලබා දුන්නා, "මෑතකදීඅපට විශේෂඥ දැනුමක් ඇති ක්ෂේත්‍රයන්හි සහ ශ්‍රී ලංකා බලධාරීන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයපාලනය සහ දේශපාලන නියෝජනයේ විවිධත්වය වැනි ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති ක්ෂේත්‍රවල සුවිශේෂී තාක්ෂණික සහාය සැපයීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා."

ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකිකයන් ආර්ථික අර්බුදයට අනුවර්තනය වීමට උත්සාහ කළා සේමනවසීලන්තය ද මෙහි ප්‍රවේශය රටට උචිත අයුරින් සකස් කිරීමට උත්සාහ කළා. ශ්‍රී  ලංකාව සිය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින්නවසීලන්ත - ශ්‍රී ලංකා සබඳතා විවිධ දිශානතීන් වෙත අනුවර්තනය වෙමින්අලුත් වෙමින්ගමන් කරනවා. ඉදිරි වසරවලදීඅර්බුදයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී  ලංකාව අනුවර්තනය වීමවැඩිදියුණු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කරන විටනවසීලන්තය කොළඹට පැමිණ,  ස්ථාවරමිත්‍රශීලී හවුල්කරුවෙකු වෙමින්වාණිජමය වශයෙන් වේවාඅපගේ ජාතීන් දෙකට ප්‍රතිලාභ ලැබෙන පරිදි සහයෝගයෙන් කටයුතු කිරීමටඅධ්‍යාපනයසංචාරකක්‍රීඩාවආරක්‍ෂාවවිදේශ ප්‍රතිපත්තිය මත නව ක්‍රම සොයනු ඇති."  

එදා කිරි මණ්ඩලය පිහිටුවූ අවස්ථාවේදී ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතා සහ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ගනු ලැබූ ඡායාරූපයක් මෙහිදී  මහකොමසාරිස්වරයා විසින් අග්‍රාමාත්‍යවරයා  වෙත පිරිනමනු ලැබීය. නවසීලන්තයේ ශ්‍රී ලංකා කොන්සල්වරයා වශයෙන් වසර 10  ක අඛණ්ඩ සේවයක් සිදුකළ සේනක සිල්වා මහතා  වෙත  සමරු තිළිණයක් පිරිනැමීම ද අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

නවසීලන්තයේ ආදිවාසී ජනතාවගේ සංස්කෘතිය පිළිබිඹු කරන  මාඕරි කප හකා ( Māori kapa haka) කණ්ඩායමක් වන ගටී කොරහා ( Ngati Koraha) මඟින් ඉදිරිපත් කරන ලද ප්‍රසංග ද  මෙම අවස්ථාවට ඇතුළත් විය.

රාජ්‍ය තාන්ත්‍රිකයින්මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.