Wednesday, October 23, 2024
Follow Us
සුපිරි නළු රජිනිකාන්ත් ශ්‍රී ලංකාවට

සුපිරි නළු රජිනිකාන්ත් අද (14) ශ්‍රී ලංකාවට පැමිණ ඇති අයුරු දැක්වෙන ඡායාරූප මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කර තිබේ.

රංගන ශිල්පී රැජිනිකාන්ත් ශ්‍රී ලංකාව හරහා මාලදිවයිනට යන අතරතුර ශ්‍රී ලංකා ගුවන් තොටුපළේ පැය කිහිපයක් රැඳී සිට ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ට්විටර් ගිණුමේ මෙම සංචාරය අතරතුර ලබාගත් සුපිරි නළු රජිනිකාන්ත්ගේ ඡායාරූප දෙකක් පළ කර ඇත.

ඉන් අනතුරුව එම ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පැතිර යමින් පවති.

“අප සමඟ පියාසර කිරීම ගැන ඔබට ස්තූතියි. ඔබ යානයට පැමිණීම අපට ගෞරවයක්“, යනුවෙන් මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය සමාජ මාධ්‍යයන් හි සටහනක් තබමින් සඳහන් කර තිබේ.

-Dinamina