Wednesday, October 23, 2024
Follow Us
ඉන්දු ශ්‍රී ලංකා ඉන්ධන නල මාර්ග ව්‍යාපෘතිය ගැන සාකච්ඡා

නාගපටිනම්, ත්‍රිකුණාමලය සහ කොළඹ සම්බන්ධ වන ඉන්ධන නල මාර්ග පද්ධතියක් පිළිබඳව ඉන්දියානු තෙල් සමාගම විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් විදුලිබලබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා තිබේ.

රජයේ බලශක්ති සංවර්ධන සැලසුම සමග ක්‍රියාත්මක කිරීමට යෝජිත ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය ආශ්‍රිත සංවර්ධන සැලසුම, නව පිරිපහදු සංවර්ධනය, ගෘහස්ථ ගෑස් සැපයුම් නල මාර්ග සැලකිල්ලට ගනිමින් ද්විත්ව නල මාර්ගයක අවශ්‍යතාවය අමාත්‍යවරයා ඔවුන්ට යෝජනා කර ඇත.

එමෙන්ම දෙරටේ ඉන්ධන හා ගෑස් අවශ්‍යතාවය පමණක් නොව කලාපීය අනෙකුත් රටවල් වලටද අපනයනය කිරීම ඉලක්ක කර ගන්නා සැලසුම් මගින් වාසි දායක ආයෝජනයක් කළ හැකි බව පෙන්වා දී ඇත.

ව්‍යාපෘතියේ මුඇතල්‍යමය ප්‍රතිලාභ, තාක්ෂණික සහ මෙහෙයුම් අවශ්‍යතාවයන් පිළිබඳව හඳුනාගෙන අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කර අවසන් යෝජනාවලිය ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇත.

මෙම අවස්ථාවට, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය, ඛණිජ තෙල් සංවර්ධන අධිකාරිය සහ ඉන්දියානු තෙල් සමාගම සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමේ නිලධාරීන් සහභාගි විය.