Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රි ලංකාවේ ගුවන් ප්‍රවාහන කටයුතුවල වර්ධනයක්

ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් "යළි පිබිදෙන ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා කර්මාන්තය" මැයෙන් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණයට සහභාගිවීමට පැමිණි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ නියෝජිතයින් ඊයේ (13) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවීය.

මෙම හමුවේදි පසුගිය කොරෝනා වසංගත සහ අනෙකුත් ආර්ථික බාධාවන් හමුවේ පසුබෑමකට ලක්වු ශ්‍රි ලංකාවේ ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය යළි සුපුරුදු තත්ත්වයට රැගෙන ඒම සඳහා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රි ලංකාව ගෙන ඇති පියවරයන් පිළිබඳව අමාත්‍යවරයා විසින් නියෝජිතයින් දැනුවත් කරන ලදී.

එමෙන්ම ශ්‍රි ලංකාවේ ගුවන්සේවා පරිපාලකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම පාර්ශව කරුවන් හට ගුවන්සේවා කර්මාන්තය ආශ්‍රිතව දැනට පවතින අභියෝග හඳුනා ගනිමින් ශ්‍රි ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය තිරසර සංවර්ධනයක් ඇති කර ගැනීම සදහා ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන (IATA) සංගමයේ සහය ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක්ද කළේය.
මෙහිදි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ දකුණු ආසියානු කලාපීය සභාපති පිලිප් ජෝ ( Philip Goh) මහතා කරුණු දක්වමින් ප්‍රකාශකර සිටියේ ජාත්‍යන්තර වශයෙන් ගුවන් ප්‍රවාහන කටයුතු මේ වන විය ගෝලීයව 89% කින්ද,ආසියානු පැසිෆික් කලාපය තුළ 69% කින්ද,පත්ව ඇති බවයි.


ඉහත තත්වයන් සැසඳීමේදි ශ්‍රි ලංකාවේ ගුවන් ප්‍රවාහන කටයුතු මේ වන විට ඉතාමත් සැළකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇති බවද ඔහු සඳහන් කළේය.එමෙන්ම ශ්‍රි ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය නගාසිටුවීම සදහා තම සංගමයේ පූර්ණ සහය ලබාදෙන බවත්, මේ පිළිබඳව සිවිල් ගුවන්සේවා අධිකාරිය සමඟ පූර්ණ කථිකාවක් ඉදිරි දින කීපය තුල සිදුකරන බවත් පැවසීය.මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් කේ.ඩි.එස්.රුවන්චන්ද්‍ර මහතාද සහභාගි විය.