Wednesday, October 23, 2024
Follow Us
ප්‍රංශයේ ‘LORRAINE’ නෞකාව නිල සංචාරයකට කොළඹ වරායට පැමිණෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (11) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Air – defence Multipurpose frigate වර්ගයට අයත් ‘LORRAINE’ නෞකාව, දිගින් මීටර් 142.20 ක් හා නැව් මුළුව 154 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Captain Xavier BAGOT කටයුතු කරනු ලබයි. නෞකාවේ අණදෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් ඊයේ බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරුණි.
එමෙන්ම, ‘LORRAINE’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතව ඇත.
තවද, ‘LORRAINE’ නෞකාව 2023 ජුලි මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමට ද නියමිතව ඇත.