Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සාකච්ඡාක්

ඉරාන වාරිමාර්ග, ජලාශ හා බලශක්ති අමාත්‍ය අලි අක්බාර් මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණ.

මෙහි දී දෙරට අතර වාරිමාර්ග, ජලාශ, බලශක්ති අංශයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන් දෙරට අතර වාරිමාර්ග, ජලාශ, බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම සඳහා ඉරානය සමඟ ආර්ථික සහයෝගීතාව සදහා වූ ඒකාබද්ධ කොමිසම (UCEC) හි වැදගත්කම ඔවුන් පැහැදිළි කර ඇත.

එහි දී මෙගාවොට් 120 ක් විදුලිය උත්පාදනයක් සිදු කෙරෙන උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිම කිරීම පිළිබඳව ඉරානයේ ෆැරබ් සමාගමට අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කර තිබේ.
උතුරු මැද පළාතේ ජනතාව අතර බහුලව ව්‍යාප්ත වී ඇති වකුගඩු ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුව පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අමාත්‍යවරයා පොළොන්නරුව, අනුරාධපුරය දිස්ත්‍රික්කයන්හි කුඩා පරිමාණයේ පිරිසිදු පානීය ජල ව්‍යාපෘති ඉදිකිරීමට සහයෝගය දක්වන ලෙස කළ ඉල්ලීම සඳහා ද ඉරාන නියෝජිතයන්ගේ යහපත් ප්‍රතිචාර ලැබී ඇත.
වෙළද, සංචාරක, වාරිමාර්ග, ජලාශ, බලශක්ති ක්ෂේත්‍රවල පවත්නා සබඳතා වැඩි දියුණු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව එරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් සමඟ කළ සාකච්ඡාවට ලක් විය.