Tuesday, October 22, 2024
Follow Us
ටීඑන්ඒ ඉල්ලීම් 13 ක් කොටි ඩයස්පෝරාව අනුමත කරයි

ඒකීය රාජ්‍යය අහෝසි කිරීම, හිටපු කොටි 97 ක් නිදහස් කිරීම සහ ස්වයංපාලන ලබාදීම ඇතුළු ටීඑන්ඒ සංවිධානය ඉදිරිපත් කළ ඉල්ලීම් 13 ක් කොටි ඩයස්පෝරාව අනුමත කර ඇත.

මෙම ඉල්ලීම් මෙයට පෙර කොටි හිතවාදී සංවිධාන 17 ක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබුණි.

එම ඉල්ලීම් 13 න් ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීම, නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම, හිටපු කොටි කි‍්‍රයාකාරීන් නිදහස් කිරීම යන කරුණු ඉටුකරන ලෙස මානව හිමිකම් කොමසාරිස්ව සිටි සෙයිද් රාද් හුසේන් ශී‍්‍ර ලංකා රජයට නිර්දේශ කර ඇත.

ද්‍රවිඩ සන්ධානය විසින් ජනපතිවරණ අපේක්‍ෂකයන් වෙත යොමුකර ඇති මේ ඉල්ලීම් 13 ගැන විශ්වනාදන් රුද්රකුමාරන් මෙහෙයවන රටින් පිටත ඊළාම් ආණ්ඩුව සංවිධානයද ප‍්‍රසාදය පළකර ඇත.

(Lanka Leads)