Wednesday, October 23, 2024
Follow Us
අධ්‍යාපන ඇමැති කැනඩාවේ රැස්වීමකට සහභාගි වෙයි

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා 2023 ජුනි 28 සහ 29 දෙදින තුළ කැනඩාවේ වැන්කුවර්හි දී පැවැති 'Commonwealth Of Learning (COL)” හි පාලක මණ්ඩලයේ 40 වෙනි රැස්වීම් වාරයට සහභාගී විය.


'Commonwealth Of Learning (COL)” යනු කැනඩාවේ මූලස්ථානය සහිත ජාත්‍යන්තර සංවිධානයක් වන අතර විවෘත ඉගෙනුම් සහ දුරස්ථ අධ්‍යාපන සම්පත් හා තාක්ෂණයන් සංවර්ධනය කිරිම සහ හුවමාරු කරගැනීම දිරිමත් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය ප්‍රධානීන් විසින් නිර්මාණය කරන ලද ආයතනයකි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම ආයතනයේ පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා වන අතර මෙම වසරේ අප්‍රේල් මාසයේ දී ඒ සඳහා තෝරා පත් කර ගැනිණි.

ශ්‍රී ලංකාවේ ගුණාත්මක අධ්‍යාපනය ප්‍රවේශය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ අවධානය යොමු කිරීමට ද අමාත්‍යවරයාට හැකි විය.
මෙම සංචාරය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් ආයතනය විසින් පූර්ණ අනුග්‍රහය දක්වා ඇත.