Wednesday, October 23, 2024
Follow Us
ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක පරිත්‍යාගයක්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් පසුගියදා ඇමරිකන් ඩොලර් මිලියන 1.1 ක ට අධික වටිනාකමකින් යුත් ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කෙරිණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත Azuza Kubota (අසූසා කියුබොටා) මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මෙම පරිත්‍යාගය නිල වශයෙන් භාර දුන්නාය.
මෙම ඖෂධ අතර හදවත් රෝග, පිළිකා, අධිරුධිර පීඩන ,නිර්වින්දන, අවයව බද්ධ කිරීම් වලට අදාළ ඖෂධ ඇතුළු ඖෂධ වර්ග නවයක් ඇති අතර Elpro preset උපාංග කීපයක් ද විය. Michelin සමාගම විසින් මෙම සත්කාරය සම්බන්ධීකරණය කෙරිණි.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිත Fadhil Bakir Markes මහතා ඇතුළු තවත් නියෝජිත පිරිසක් ද, Michelin සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Koenraad Pringiers, එම සමාගමේ සන්නිවේදන කළමනාකරු දිනූෂ චන්ද්‍රතිලක ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සම්බන්ධීකාරක ( කොවිඩ් වසංගත සහ සෞඛ්‍ය ආධාර කටයුතු) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.