Thursday, October 24, 2024
Follow Us
ශ්‍රී ලංකාවට කොරියානු පුහුණු මධ්‍යස්ථානයක්

කොරියාවේ පුහුණු වෘත්තිකයන් සඳහා පවතින රැකියා අවස්ථා ඉලක්ක කර ගනිමින් ලංකාවේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියාවේ විශේෂ නියෝජිතයකු අතර සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ අනුව අදාළ පුහුණු මධ්‍යස්ථානය ඉතා කඩිනමින් ආරම්භ කිරීම සඳහා අමාත්‍යවරයා වශයෙන් අවශ්‍ය පහසුකම්, සහයෝගය සහ මැදිහත්වීම සිදු කරන බවටත්, එමගින් කොරියානු රැකියා වෙළෙදපොළ අපේක්ෂා කරන ආකාරයේ පුහුණු වෘත්තිකයකන් පිරිසක් බිහිකිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


E 7 වීසා කාණ්ඩය යටතේ වෑද්දුම් ශිල්පීන් කොරියානු රැකියා සඳහා යොමු කරන ආකාරයෙන් ඉදිරියේ දී පුහුණු වෘත්තිකයන් කොරියානු රැකියා සඳහා යොමු කිරීම තවදුරටත් පුළුල් කිරීමට මේ අනුව අවස්ථාව ලැබේ.