Thursday, October 24, 2024
Follow Us
රුසියානු දූත පිරිසක් නියෝජ්‍ය කථානායකවරයා හමුවෙයි

රුසියාවේ ව්ලැඩ්මියර් ප්‍රාන්ත ආර්ථික සංවර්ධන සහ කර්මාන්ත අමාත්‍ය සිදොරින් සර්ජි, කමෙෂ්කෝවෝ දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලක කර්ගන්ස්කි අරියාටෝලි යන මහත්වරු  ප්‍රමුඛ දූත පිරිසක් පසුගියදා  පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමු විය. 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ද එක්ව සිටියේය.

දැනට මෙරට පැමිණෙන රුසියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට මෙන්ම මෙරට ආයෝජන අවස්ථා වැඩිකිරීම ඇතුළු ද්වීපාර්ශ්වික සබදතා වර්ධනය කිරීම  පිළිබඳව  මෙහිදී සාකච්ඡා විය. 

ශ්‍රී ලංකාවේ මිතුරෙකු ලෙස රුසියාව සිය සහය උපරිම වශයෙන් ලබා දීමට අපේක්ෂා කරන බව ව්ලැඩ්මියර් ප්‍රාන්ත ආර්ථික අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 

අනතුරුව දූත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ නැරඹුම් සංචාරයක ද නිරත විය.