Thursday, October 24, 2024
Follow Us
කොරියාවේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා ගැන විශේෂ අවධානය

මෙරට ශ්‍රමිකයින්ට කොරියාවේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට විශේෂ අවධානය යොමු කර තිබේ.

ඒ කොරියානු නියෝජිතයින් කණ්ඩායමක් සමඟ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවති සාකච්ඡාවක දී.

මෙරට තුළ සිටින කෘෂි ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන් පිළිබඳ අවධානය යොමු කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා මේ පිළිබඳ අවධානය යොමු කර තිබෙන්නේ.

මීට මාස කිහිපයකට පෙර අමාත්‍යවරයා කොරියාවේ කළ නිල සංචාරයේ දී කළ ඉල්ලීම අනුව වෑද්දුම් ශිල්පීන් (Welders) පුහුණු ශ්‍රමිකයන් වශයෙන් E7 වීසා කාණ්ඩය යටතේ කොරියාවේ රැකියා ගත කිරීම පසුගියදා ආරම්භ කෙරිණි.
මේ ආකාරයට කොරියාවේ නව රැකියා අවස්ථා ලංකාවේ ශ්‍රමිකයන්ට විවෘත කරදීමට කටයුතු කරන අතර, මෙරට පුහුණු වෘත්තිකයන් හට විවෘත කළ හැකි රැකියා අවස්ථා සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ වැඩි අවධානය යොමු වී ඇත