Thursday, October 24, 2024
Follow Us
තුර්කියේ භූකම්පනයේ මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කිරීමට යයි

ප්‍රභල භූ කම්පනය හේතුවෙන් විනාශයට පත්වූ ප්‍රදේශවල සිදුකරන මුදාගැනීමේ මෙහෙයුම් අවසන් කිරීමට තුර්කිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ආපදා සහ හදිසි කළමනාකරණ ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර තිබෙන්නේ බොහෝ පළාත්වල සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති බවයි.

එම නිසා මුදාගැනීමේ මෙහෙයුම් අද රාත්‍රියෙන් අවසන් කිරීමට කටයුතු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ .

තුර්කියට සහ සිරියාවට බලපෑ මෙම භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 46,000 ඉක්මවා ඇති අතර තුර්කියෙන් මරණ 40,642 ක් හා සිරියාවෙන් මරණ 5,800 ක් බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.