Thursday, October 24, 2024
Follow Us
තේ අපනයනයෙන් මුල් තුැන කෙන්යාව

ලොව ප්‍රමුඛතම තේ අපනයන රටවල් අතුරින් පළමු තැන කෙන්යාවට හිමි වී ඇතැයි ජාත්‍යන්තර තේ කමිටු (ITC) දත්ත වාර්තා මගින් අනාවරණය වී තිබේ.

කෙන්යාවේ නිපදවනු ලබන අනෙකුත් තේ වර්ග අතර සුඛෝපභෝගී කළු තේ නිෂ්පාදනය අඛණ්ඩව පළමු ස්ථානයේ රැඳී සිටින බව ද වාර්තා වේ.

ජාත්‍යන්තර තේ කමිටු දත්ත වාර්තාවේ 2021 සංඛ්‍යාලේඛනවලට අනුව එම වසරේදී කෙන්යාව තේ කිලෝග්‍රෑම් මිලියන 558ක වාර්ෂික අපනයනයක් සිදු කර ඇත.

දෙවැනි තැන චීනයට හිමි වී ඇති අතර, ශ්‍රී ලංකාවට තුන්වැනි ස්ථානය ලැබී ඇතැයි ද වාර්තා වේ.

තේ නිෂ්පාදනය අතින් එම වසරේ කෙන්යාව ටොන් මිලියන 1ක තේ නිෂ්පාදනයක් සිදු කරමින් තුන්වැනි තැනට පත් වී ඇති අතර, චීනය තේ ටොන් මිලියන 3ක් නිපදවා පළමු ස්ථානයත්, ටොන් මිලියන 1.3ක තේ නිෂ්පාදනයක් සිදු කළ ඉන්දියාව දෙවැනි තැනටත් පත්වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.