Thursday, October 24, 2024
Follow Us
CISM වෙරළ වොලිබෝල් තරගාවලියේ අවසන් තරග අද

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) වෙරළ වොලිබෝල් තරගාවලයේ අවසන් තරග අද ( 17 ) මීගමු වෙරළ තිරයේදි පැවැත්විමට නියමිතව ඇත.

ඊයේ පැවැත්වු අවසන් පුර්ව වටයේ තරග සදහා කාන්තා අංශයෙන් ප්‍රංශය 1 වන කණ්ඩායමත්, ශ්‍රි ලංකා 1 වැනි 2 වැනි හා 3 වැනි කණ්ඩායමි සහභාගි වු අතර පිරිමි අංශයෙන් ඡර්මනි 1 වැනි හා 2 වැනි කණ්ඩායම් ද, ප්‍රංශයේ 2 වැනි කණ්ඩායම හා ඕමානයේ 2 වැනි කණ්ඩායම සහභාගි වූහ.

එහිදි ඉතා තියුණු තරගයකින් අනතුරැව පිරිමි අංශයෙන් ඡර්මනි 1 වැනි කණ්ඩායම හා ප්‍රංශයේ 2 කාණ්ඩායම අවසන් තරගයට සුදුසුකමි ලැබු අතර කාන්තා අංශයෙන් ශ්‍රි ලංකා 2 වැනි කාන්ඩායම හා ප්‍රංශය 1 වැනි කාණ්ඩායම සුදුසුකම් ලබා ගෙන තිබේ.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය (CISM) වෙරළ වොලිබෝල් තරගාවලියේ සත්කාරකත්වය මෙවර ශ්‍රී ලංකාවට හිමිව ඇත. මෙම තරගාවලිය මහජනතාවට නොමිලේ නැරඹීමටද මෙහිදි අවස්ථාව සලසා දී ඇත.