Thursday, October 24, 2024
Follow Us
පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි කමිටුවේ සභාපති ජනපති හමු වෙයි

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි කමිටුවේ සභාපති ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීය.

මිත්‍ර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දීර්ඝකාලීන සමීප සබඳතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා ඇතුළු පිරිස සමඟ සුහද කථා බහකට එක් විය.

මෙම හමුව සනිටුහන් කරමින් ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ද, පාකිස්ථාන නාවික හමුදාවේ රියර් අද්මිරාල් අබ්දුල් බාසිත් බට් (Rear Admiral Abdul Basit Butt) මහතා ඇතුළු නියෝජිත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.