Thursday, October 24, 2024
Follow Us
තුර්කියේ සහ සිරියාවේ මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යයි

තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බවත් ඒ පුද්ගලයින් 11,000 ඉක්මවා ගොස් තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කියේ මරණ 8,574ක් සහ සිරියාවේ මරණ 2,662ක් ලෙස සමස්ත මරණ 11,236ක් බලධාරීන් තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ. 

මේ වනවිට කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.