Thursday, October 24, 2024
Follow Us
තුර්කියේ හා සිරියාවේ භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව  7,900 ඉක්මවයි

පසුගිය සඳුදා තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 7,900 ඉක්මවා ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 5,894 ක් මියගොස් ඇති අතර සිරියාවේ අවම වශයෙන් 2,032 ක් මියගොස් ඇත.

තුර්කි ජනාධිපති පළාත් 10ක් පුරා මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සහන ආයතන යුද්ධයෙන් පීඩාවට පත් සිරියාවට හදිසි ආධාර යැවීමේ සංකීර්ණ කාර්යක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

12,000 කට වැඩි තුර්කි සෙවීම් සහ ගලවා ගැනීමේ පිරිස් විපතට පත් ප්‍රදේශවල සේවය කරන අතර 9,000 භට පිරිස් ද ඒ සඳහා එක්ව සිටිති. රටවල් 70කට වැඩි ප්‍රමාණයක් ගලවා ගැනීමේ කණ්ඩායම් සහ වෙනත් ආධාර ලබා දී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.